මගේ පපුතුරේ හිස හොවාගෙන
කප්පරක් පැතුම් පතාගෙන
මගේ ලොව සිත්තම් කල සිත්තරාවී ….
සියුමැලි දෑතින් මා අත් අල්ලාගෙන
රෝස ලවන් පෙති මත සිනහා ඉහිරවාගෙන
මගේ ලොව සතුට සැදූ ප්‍රියාවී ….
නොකියාම ඇය දුරක ගිහින්, වෙන්වී ….
හැඟෙනවා , දැනෙනවා නොනිමි සෙනෙහස
තවමත් විඳිනවා ඔය මුදු දෑතේ පහස
හඬගා පවසන්නම් මා ජීවත් කරවනා රහස
සත්තයි !
ඒ නුඹේ, සදා නොමියැදෙන සෙනෙහස ….
ම්…. තරහා වෙන්න එපා. කවි නිසදැස් ගැන විචාරයක් කරන්නනම් තේරෙන්නේ නෑ.